2025 මැයි මස 27 දින සඳහා කාලගුණ අනාවැකිය
2025 මැයි මස 27 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.
සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු විය හැක.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක.
දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැක.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
WEATHER FORECAST FOR 27 MAY 2025
Issued at 05.30 a.m. on 27 MAY 2025
Due to the influence of the active southwest monsoon weather condition, showery weather over the Western, and Sabaragamuwa provinces and in Galle, Matara, Nuwara-Eliya and Kandy districts is likely to enhance during the next few days.
Showers or thundershowers will occur at times in Western, Sabaragamuwa and North-western provinces and in Nuwara-Eliya, Kandy, Galle and Matara districts.
Heavy falls above 100 mm are likely at some places in the Western and Sabaragamuwa provinces and in Nuwara-Eliya, Kandy, Galle and Matara districts.
A few showers may occur elsewhere.
Strong winds of about (40-50) kmph can be expected at times over Western slopes of the central hills and in Northern, North-central and North-western provinces and in Hambantota and Trincomalee districts.
The general public is kindly requested to take adequate precautions to minimize damages caused by temporary localized strong winds and lightning during thundershowers
Comments
Post a Comment